Friday, October 14, 2011

Host-to-Host Communication කියන්නේ මොකද්ද?(දෙවන ලිපිය)


 OSI Model එක ගැන කිව්වට මට ඩිංගිත්තක් අමතක උනා පහුගිය ලිපියෙදි ඒකෙ ඉතිහාසය ගැන පොඩි විස්තරයක් කරන්න.ඉතින් මේ ලිපිය මම අවස්ථාවක් කරගන්නවා ඒ ටිකත් කියල දාන්න.

ඉතිහාසයෙන් බිඳක්.........
 OSI Model එක කියන්නෙ මොකද්ද කියල පොඩි අවබෝධයක් ඉස්සෙල්ල ලිපියෙන් ලැබෙන්න ඇති කියල මම හිතනවා.ඉතින් ඔය OSI Model එක කියන්නෙ Network Communication  කරන  Primary Model එකනෙ .1980 දි Network වල ප්‍රමාණය සහ ගණන වැඩිකරගන්න කට්ටියට තදින්ම ඕන උනා. ඔන්න ඉතින් මුල් කාලෙ ඔය LAN(Local Area Network),MAN(Metropolitan Area Network),WAN(Wide Area Network)  එහෙම ස්ථාපනය කරද්දි කට්ටියට ලොකු ලොකු ප්‍රශ්න එන්න ගත්ත.කොටින්ම කියනවනම් "හෙනම අවුල්".

ඒක නිසා නොයෙක් සමාගම් අවබෝධ කර ගත්ත ජාලකරණ තාක්ෂණය භාවිත කරගෙන කරගෙන මුදල් ඉතුරුකරගෙන වැඩි නිෂ්පාදිතයක් ගන්න ඕන කියලා.ඒකට පිලියමක් වශයෙන් ඒ අය  හුඟක් අලුත් එකතුකර,පවතින පුලුල් කල.ඒ වගේම  අලුත් ජාලකරණ තාක්ෂණයන්(Network Technologies) සහ අයිතමයන්(Devices) වෙළඳපොළට ආව.

නමුත් 1980 මැදභාගය වෙනකොට ඒ සමාගම් නිර්මාණය කරපු දේවල්වල යම් යම් අපහසුත දැක්ක.විශේෂයෙන්ම  එක සමාගමක් නිර්මාණ්ය කරපු එකක් එක්ක අනික සමාගමේ එව කරන්න අපහසු උනා.ඒ අනුව ඒ අයට යම් සම්මුතියක අවශ්‍යතාවය තදින්ම දැනුනා සහ Proprietary Network වලින් අයින් වෙන්න ඕන කියලා.
 "Proprietary Network : - Systems that are privately developed,owned, and controlled.(උදාහරණයක් විදියට CISCO සමාගම එයාලගෙ තාක්ෂණය තනිවම යොදගන්නවනම්)"
ඒ නිසා ඒකෙ ප්‍රතිඵලයක් විදියට ISO(International Organization of Standardization)  විසින් 1984 දි OSI Model එක නිර්මාණය කලා.ඔන්න ඕක තමයි ඉතිහාසෙ OSI Model  එකෙ.

දැන් අපි බලමු එහෙම එකක් භාවිතකරාම අපිට තියෙන වාසි මොනවද කියල මම තේරෙන්නත් එක්ක ඉංගිරිසියෙනුයි සිංහලෙනුයි දෙකෙන්ම දාන්නම්කො

  • Reduce Complexity: Network Communication එක ඉතා කුඩා සරල කොටස්වලට බෙදා දැක්විය/කල හැකිවීම


  • Standardizes Interface: මෙතනදි අවස්ථාව ලබාදෙනවා,(Multiple Vendor Development)නොයෙක් සමාගම් විසින් නිර්මාණය කල Component වලට Communication කරන්න.


  • Facilitates Modular Engineering :මෙහිදි විවිධ වර්ගයේ  Network Hardware සහ  Software වලට එකිනෙකාට Communication කරන්න අවස්ථාව ලබදෙනවා.

  • Ensure Inter-Operable technology :එක Layer  එකක වෙනසක් නිසා අනික් Layer එකෙහි වෙනසක් වීම මගහරිනවා.
  • Accelerate Evolution: මෙමගින් ඵලදායි ලෙස Individual Component වල යාවත්කාලීන(Update) කිරීම් සහ වැඩිදියුණු කිරීම්(Improvements) කරන්න පුලුවන්,අනිත්  Component වලට නොදැනෙන්න සහ මුලු Protocol එකම නැවත නොලියමින්.

  • Simplifies Teaching and Learning: කුඩා කොටස් වලට Network Communication එක බෙදන නිසා අධ්‍යයනය පහසුයි.
මෙන්න මේ වගෙ වාසි බොහොමයක් අපිට අත්දකින්න පුලුවන් OSI Model එක හරහා Network Communicationඑක කරද්දි.ඉතින් ඊළඟ ලිපියෙන් ඔය Layer වල වෙන දේවල් එහෙම හරියටම බලමු.අමතක නොකර හොඳ නරක එහෙම ලියලා යන්න හොඳේ. 
(පසුතලයෙ තියෙන පින්තූරවලින් සමහරක් Brand Names  පෙන්නල තියෙනවා)


Wednesday, October 12, 2011

Host-to-Host Communication කියන්නේ මොකද්ද?(පළමුවන ලිපිය)



ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් හම්බවුනා.පහුගිය දවස්වල තිබ්බ විභාග මානසිකත්වයයි,ව්‍යපෘති  මානසිකත්වයයි  නිසා ඉස්පාසුවක් තිබුනෙම නෑ.
ඔන්න ඉතින් ඔය ජරමර ඔක්කොම අහවර වෙලා පොඩි පහෙ නිවාඩුවක් ලැබුන.ඉතින් මට හිතුන අලුතෙන් ලිපියක් එකතු කරන්න ඕන කියලා.
ඉතින් හැමෝටම දැනගන්නත් එක්කලා මට හිතුනා  Host-to-Host Communication Model එක ගැන විස්තර ටිකක් ලියල තියන්න
හපොයි මොකද මේ කරන්න යන්නෙ අපිට
ඒ ඔයාල අහන ප්‍රශ්නෙ නේද? බයවෙන්න කාරි නෑ
අපි හෙමිහිට අවුල ලිහමු.උදාහරණයක් විදියට හිතන්න, ඔන්න හමුදා කඳවුරු දෙකක් තියෙනවා ස්ථාන දෙකක,ආ දැන් හිතන්න මෙ කඳවුරු දෙක සංන්නිවේදනය කරන හැටි.
ඔය සිද්ධාන්තයම තමයි මෙතනදිත් අපි පරිගනක ජාලකරනයට සම්බන්ධ කරලා කතා කරන්න යන්නේ


ඉතින් හමුදාවෙදි කඳවුරක් වගේ තමයි පරිගනක විෂයෙදි Host එකක් හැසිරෙන්නෙ.මෙන්න මේ Host  අතර සංන්නිවේදනය වෙන්නෙ කොහොමද කියල තමයි අපි කතා කරන්න යන්නෙ
දැන් පැහැදිලියි නේද? වෙන්න යන්නෙ මොකද්ද කියලා




දැන් බලමු අපි මේ Communication එක වෙන්නෙ මොනවිදියටද කියලා.ඔය Host-to-Host Communication  කිව්වට වැඩක් නැහැනෙ එකේදි එක එක Function වෙන පිළිවෙලක් තියෙන්න එපැයි.ඔන්න ඔය පිළිවෙලත් එක්ක Network Devices එකතු කරන විදිය අර්ථදක්වන්නෙ OSI Model(Open System Interconnection Reference Model) එකෙන්.මේක Layers 7කින් හැදුනු Reference Model එකක්(OSI Model එකෙ තියෙන එක එක Layer එකෙන් වෙන දෙවලුයි එවයෙ Devices and Protocol ගැනයි ඊලඟ ලිපියෙදි බලමු )


මොකද්ද මේ Reference Model එකක් කියන්නෙ ?? ඒ කියන්නෙ අපිට මේ Model එක ලබාදෙනව Framework එකක් Protocols නිර්මාණය කරන්නයි, Network එකට කැමතිවිදියට Communication නොකරන්නයි සහ මිනිස්සුන්ට Network Communication එකෙ තියෙන Process එක අඳුනගන්නයි.එහෙම  අකෘතියකට තමයි Reference Model එකක් කියන්නෙ




මෙතනදි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොනවිදියෙ සම්බන්ධතාවක් තිබුනත්,මොනවිදියෙ Operating System එකක් තිබුනත් මොනවිදියෙ Devices(Brand Name) සම්බන්ධ කරල තිබුනත් එකම විදියෙ තමයි භාවිත කරන්නෙ මේ එකෙදි.එක හරියට මිනිස්සු එකිනෙකාට අදහස් හුවමාරු කරගන්නව වගෙයි ඒකට මාධ්‍යක් තියෙන්න ඕන.(කථන භාෂාවෙදි වාතය(Air) මාධ්‍ය වෙනවා ලිඛිත භාෂාවෙදි කඩදාසි මාධ්‍යවෙනවා).


 තව උදාහරණයක් විදියට අපි කතා කරන භාෂාව හසුරවද්දි, මූලිකව වචන වලින් වාක්‍ය තනද්දි, ඒකට විවිධ අකෘති තියෙනවා. ඔයවිදියටමයි පරිගනකත් තමන්ගෙ සංන්නිවේදනය කරන්නෙ


අපි භාවිතකරන භාෂාව සහ නීති-රීති ගැන තමයි Networking වලදි Protocols වලින් විස්තර වෙන්නෙ (විස්තරය පසු ලිපි වලදි ) ඒ කියන්නෙ  Network Devices  කතා-බහ  කරන භාෂාව තමයි සරලව කියනවනම් Protocol එකක් කියන්නේ.

මේ වගෙ Protocols ගොඩක් අන්තර් ගත වෙලා තියෙනවා Network එකක නමුත් ඒ හැම එකක්ම අර කියපු OSI Model එක ට අනුව තමයි තමන්ගෙ Communication එක කරන්න ඕන. මේව මෙහෙම කරන්න ඕන කියල මුලු ලොකෙටම කියල තියෙන්නෙ ISO(International Organisation of Standardization) කියන ආයතනයෙන් ඒ අය තමයි ඕනම Computer Network  එකකට ඕන Standards Provide කරන්නෙ.

ඊළඟ ලිපිවලදි බලමු මොනවද මේ OSI Model එකෙ තියෙන Layers සහ  ඒ එක එකක කාර්‍ය්යන් සහ ඒ එක එකකදි භාවිතා වෙන Protocols මොනවද කියල .එහෙනම් අදට මම මෙතනින් නවතිනව ආයෙ ඊලඟ ලිපියෙන් හමු වෙමු.මතක ඇතුව හොඳ නරක ටිකක් ලියල එහෙම යන්න හොඳේ.




Wednesday, June 15, 2011

මොකද්ද මේ පරිඝනක ජාලකරණය(Networking) කියන්නේ........?




ජාලකරණය යනු.......
පරිගනක දෙකක් හෝ කිහිපයක් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි අයුරින් සැකසීම පරිගනක ජාලගත කිරීමයි.
 උපරිම ප්‍රයෝජනය කියන්නෙ මොකද්ද? තේරුනා මදි නේද?

 මෙතනදි  උපරිම ප්‍රයෝජනය කියන්නෙ අපි පරිගනක එකිනෙක සම්බන්ධ කරන ආකාරය,ඒ කියන්නෙ උදාහරනයක් හිතමු, අපිට තියෙන්නෙ එක Printer එකයි Computers 5යි කියල, අපි කොහොමද මේ එක Printer එක හැම Computer එකටම පාවිච්චි කරන්න පුලුවන් විදියට සකස් කර ගන්නෙ? කෙනෙක් කියයි Printer එක ගලවනවා ආයේ සවි කරනවා කියල ඒත් ඒක ගොඩක් කරදර කාලෙ ගත වෙන වැඩක් නේද?

ඒත් අපිට පුලුවන්නම් ඔය එක Printer එක හැමෝටම භාවිත කරන්න පුලුවන් විදියට එක තැනකට කරල තියන්න.ඒක ගොඩක් පහසුයි නේද? අන්න එතනදි තමයි අපිට පරිගනක ජාලකරණය(Computer Networking) කරන්න ඕන වෙන්නෙ. Printers විතරක් නෙවෙයි Severs(File Server,Mail Server)  Fax Machines, Scanners,Internet Connection  එක ඔය වගෙ හුඟක් දේවල් පොදුවේ  භාවිත කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ජාලය අතර තොරතුරු හුවමාරු කරග්න්නත් පුලුවන් ,එතනදි Internet ඕනම නෑ(Net Meeting)

මෙතනදි මම උත්සහා කලේ Computer Networking කියන වචනේ තේරුම පොඩ්ඩක් සරලව කියන්න ඊලඟ වතාවෙ තව අලුත් Networking සම්බන්ධ කතාවකුත් අරගෙන එනකම් ඔබ සැමට  සුභ දවසක්
  

ප:ලි: අඩුපාඩුවක් තීනම් ලියල තියන්න
      මේ ගැනත් පොඩ්ඩක් බලන්න මීලඟ ලියන පොස්ට් එක හා සම්බන්ධයි
   

Thursday, March 17, 2011

කාලෙකට පස්සේ............


ඔන්න ඉතින් කලෙකට පස්සෙ ආයෙත්  මගේ බ්ලොග් එකට මොකක් හරි අලුත් දෙයක් එකතු කරන්න කියල මට හිතුනා.Exam එකත් ඉවර නිසා(ඉවරයි කිව්වට ඉවරම නෑ)

Exam එකත් කරයි කියමුකො ඒත් කරන්න වැඩක් නෑ, බැලුව හැමතැනම ම්ම්.....
Flim එකක් බලනවද?
Facebook යනවද? අම්මො ඒ දෙකම මහ කම්මලි වැඩ දෙකක්.....
ඔහොම ඉන්නකොට නිකම්ම වගේ මම Internet Search කර කර හිටියා.එහෙම ඉන්නකොට මට මෙන්න මේ දේවල් තමයි හමු උනේ................

1.රට දැය බේරගන්න උර දුන්නු මොනාත් අ‍යියා ගැන  රමේෂ් අයියා ලියපු ලිපිය.

2.කොහොමද Google Chorme එකේ සිංහලෙන් ටයිප් කරන හැටි.

3.මිහිඳුවන්ට  Google Chrome Theme එකක්


වැඩිපුර දෙයක් නම් ලියන්න හමු උනේ නෑ ටිකක් තවම හමු උන දේවල් ගැන අධ්‍යයනය කරගෙන යනවා.........



Monday, February 14, 2011

මටත් හිතුන Blog එකක් හදන්න





Blog එකක් කියන්නෙ හරි වටින දෙයක් කියලා මට තේරුනෙ හුගක් බ්ලොග් කියවද්දි, තමන්ගෙ හිතට ගැලපෙන විදියට බ්ලොග් එකේ මාතෘකාව දාල ඒක පටන්ගන්න පුළුවන්නෙ
ඉතින් මගෙ හිතටත් පුoචි අදහසක් අවා Blog එකක් කරන්න.
අද තමයි මම මගේම කියල Blog එකකට මුල් ගල තිබ්බෙ,
පුදුම සතුටක් දැනෙනවා හිතට
මේක පටන්ගත්තට මොකො ,මට මේකෙ ගුණ දොස් කියන්න හැමෝම එකතු වෙන්න කියල ආරාධනා කරනවා. එහෙම කියලා මං අද දවසෙ වැඩ ටික  මෙතනින් හමාර කරනවා.
බුදු සරණයි!
My Facebook Login Page
make-money-468x60-2