ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් හම්බවුනා.පහුගිය දවස්වල තිබ්බ විභාග මානසිකත්වයයි,ව්‍යපෘති මානසිකත්වයයි නිසා ඉස්පාසුවක් තිබුනෙම නෑ.
ඔන්න ඉතින් ඔය ජරමර ඔක්කොම අහවර වෙලා පොඩි පහෙ නිවාඩුවක් ලැබුන.ඉතින් මට හිතුන අලුතෙන් ලිපියක් එකතු කරන්න ඕන කියලා.
ඉතින් හැමෝටම දැනගන්නත් එක්කලා මට හිතුනා Host-to-Host Communication Model එක ගැන විස්තර ටිකක් ලියල තියන්න
හපොයි මොකද මේ කරන්න යන්නෙ අපිටඒ ඔයාල අහන ප්‍රශ්නෙ නේද? බයවෙන්න කාරි නෑ
අපි හෙමිහිට අවුල ලිහමු.උදාහරණයක් විදියට හිතන්න, ඔන්න හමුදා කඳවුරු දෙකක් තියෙනවා ස්ථාන දෙකක,ආ දැන් හිතන්න මෙ කඳවුරු දෙක සංන්නිවේදනය කරන හැටි.
ඔය සිද්ධාන්තයම තමයි මෙතනදිත් අපි පරිගනක ජාලකරනයට සම්බන්ධ කරලා කතා කරන්න යන්නේ
ඉතින් හමුදාවෙදි කඳවුරක් වගේ තමයි පරිගනක විෂයෙදි Host එකක් හැසිරෙන්නෙ.මෙන්න මේ Host අතර සංන්නිවේදනය වෙන්නෙ කොහොමද කියල තමයි අපි කතා කරන්න යන්නෙ
දැන් පැහැදිලියි නේද? වෙන්න යන්නෙ මොකද්ද කියලා
දැන් බලමු අපි මේ Communication එක වෙන්නෙ මොනවිදියටද කියලා.ඔය Host-to-Host Communication කිව්වට වැඩක් නැහැනෙ එකේදි එක එක Function වෙන පිළිවෙලක් තියෙන්න එපැයි.ඔන්න ඔය පිළිවෙලත් එක්ක Network Devices එකතු කරන විදිය අර්ථදක්වන්නෙ OSI Model(Open System Interconnection Reference Model) එකෙන්.මේක Layers 7කින් හැදුනු Reference Model එකක්(OSI Model එකෙ තියෙන එක එක Layer එකෙන් වෙන දෙවලුයි එවයෙ Devices and Protocol ගැනයි ඊලඟ ලිපියෙදි බලමු )

මෙතනදි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොනවිදියෙ සම්බන්ධතාවක් තිබුනත්,මොනවිදියෙ Operating System එකක් තිබුනත් මොනවිදියෙ Devices(Brand Name) සම්බන්ධ කරල තිබුනත් එකම විදියෙ තමයි භාවිත කරන්නෙ මේ එකෙදි.එක හරියට මිනිස්සු එකිනෙකාට අදහස් හුවමාරු කරගන්නව වගෙයි ඒකට මාධ්‍යක් තියෙන්න ඕන.(කථන භාෂාවෙදි වාතය(Air) මාධ්‍ය වෙනවා ලිඛිත භාෂාවෙදි කඩදාසි මාධ්‍යවෙනවා).
තව උදාහරණයක් විදියට අපි කතා කරන භාෂාව හසුරවද්දි, මූලිකව වචන වලින් වාක්‍ය තනද්දි, ඒකට විවිධ අකෘති තියෙනවා. ඔයවිදියටමයි පරිගනකත් තමන්ගෙ සංන්නිවේදනය කරන්නෙ
අපි භාවිතකරන භාෂාව සහ නීති-රීති ගැන තමයි Networking වලදි Protocols වලින් විස්තර වෙන්නෙ (විස්තරය පසු ලිපි වලදි ) ඒ කියන්නෙ Network Devices කතා-බහ කරන භාෂාව තමයි සරලව කියනවනම් Protocol එකක් කියන්නේ.
මේ වගෙ Protocols ගොඩක් අන්තර් ගත වෙලා තියෙනවා Network එකක නමුත් ඒ හැම එකක්ම අර කියපු OSI Model එක ට අනුව තමයි තමන්ගෙ Communication එක කරන්න ඕන. මේව මෙහෙම කරන්න ඕන කියල මුලු ලොකෙටම කියල තියෙන්නෙ ISO(International Organisation of Standardization) කියන ආයතනයෙන් ඒ අය තමයි ඕනම Computer Network එකකට ඕන Standards Provide කරන්නෙ.
ඊළඟ ලිපිවලදි බලමු මොනවද මේ OSI Model එකෙ තියෙන Layers සහ ඒ එක එකක කාර්‍ය්යන් සහ ඒ එක එකකදි භාවිතා වෙන Protocols මොනවද කියල .එහෙනම් අදට මම මෙතනින් නවතිනව ආයෙ ඊලඟ ලිපියෙන් හමු වෙමු.මතක ඇතුව හොඳ නරක ටිකක් ලියල එහෙම යන්න හොඳේ.
No comments:
Post a Comment