ජාලකරණය යනු.......
පරිගනක දෙකක් හෝ කිහිපයක් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි අයුරින් සැකසීම පරිගනක ජාලගත කිරීමයි.
උපරිම ප්‍රයෝජනය කියන්නෙ මොකද්ද? තේරුනා මදි නේද?
මෙතනදි උපරිම ප්‍රයෝජනය කියන්නෙ අපි පරිගනක එකිනෙක සම්බන්ධ කරන ආකාරය,ඒ කියන්නෙ උදාහරනයක් හිතමු, අපිට තියෙන්නෙ එක Printer එකයි Computers 5යි කියල, අපි කොහොමද මේ එක Printer එක හැම Computer එකටම පාවිච්චි කරන්න පුලුවන් විදියට සකස් කර ගන්නෙ? කෙනෙක් කියයි Printer එක ගලවනවා ආයේ සවි කරනවා කියල ඒත් ඒක ගොඩක් කරදර කාලෙ ගත වෙන වැඩක් නේද?
ඒත් අපිට පුලුවන්නම් ඔය එක Printer එක හැමෝටම භාවිත කරන්න පුලුවන් විදියට එක තැනකට කරල තියන්න.ඒක ගොඩක් පහසුයි නේද? අන්න එතනදි තමයි අපිට පරිගනක ජාලකරණය(Computer Networking) කරන්න ඕන වෙන්නෙ. Printers විතරක් නෙවෙයි Severs(File Server,Mail Server) Fax Machines, Scanners,Internet Connection එක ඔය වගෙ හුඟක් දේවල් පොදුවේ භාවිත කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ජාලය අතර තොරතුරු හුවමාරු කරග්න්නත් පුලුවන් ,එතනදි Internet ඕනම නෑ(Net Meeting)
මෙතනදි මම උත්සහා කලේ Computer Networking කියන වචනේ තේරුම පොඩ්ඩක් සරලව කියන්න ඊලඟ වතාවෙ තව අලුත් Networking සම්බන්ධ කතාවකුත් අරගෙන එනකම් ඔබ සැමට සුභ දවසක්
ප:ලි: අඩුපාඩුවක් තීනම් ලියල තියන්න
මේ ගැනත් පොඩ්ඩක් බලන්න මීලඟ ලියන පොස්ට් එක හා සම්බන්ධයි