Wednesday, June 15, 2011

මොකද්ද මේ පරිඝනක ජාලකරණය(Networking) කියන්නේ........?




ජාලකරණය යනු.......
පරිගනක දෙකක් හෝ කිහිපයක් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි අයුරින් සැකසීම පරිගනක ජාලගත කිරීමයි.
 උපරිම ප්‍රයෝජනය කියන්නෙ මොකද්ද? තේරුනා මදි නේද?

 මෙතනදි  උපරිම ප්‍රයෝජනය කියන්නෙ අපි පරිගනක එකිනෙක සම්බන්ධ කරන ආකාරය,ඒ කියන්නෙ උදාහරනයක් හිතමු, අපිට තියෙන්නෙ එක Printer එකයි Computers 5යි කියල, අපි කොහොමද මේ එක Printer එක හැම Computer එකටම පාවිච්චි කරන්න පුලුවන් විදියට සකස් කර ගන්නෙ? කෙනෙක් කියයි Printer එක ගලවනවා ආයේ සවි කරනවා කියල ඒත් ඒක ගොඩක් කරදර කාලෙ ගත වෙන වැඩක් නේද?

ඒත් අපිට පුලුවන්නම් ඔය එක Printer එක හැමෝටම භාවිත කරන්න පුලුවන් විදියට එක තැනකට කරල තියන්න.ඒක ගොඩක් පහසුයි නේද? අන්න එතනදි තමයි අපිට පරිගනක ජාලකරණය(Computer Networking) කරන්න ඕන වෙන්නෙ. Printers විතරක් නෙවෙයි Severs(File Server,Mail Server)  Fax Machines, Scanners,Internet Connection  එක ඔය වගෙ හුඟක් දේවල් පොදුවේ  භාවිත කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ජාලය අතර තොරතුරු හුවමාරු කරග්න්නත් පුලුවන් ,එතනදි Internet ඕනම නෑ(Net Meeting)

මෙතනදි මම උත්සහා කලේ Computer Networking කියන වචනේ තේරුම පොඩ්ඩක් සරලව කියන්න ඊලඟ වතාවෙ තව අලුත් Networking සම්බන්ධ කතාවකුත් අරගෙන එනකම් ඔබ සැමට  සුභ දවසක්
  

ප:ලි: අඩුපාඩුවක් තීනම් ලියල තියන්න
      මේ ගැනත් පොඩ්ඩක් බලන්න මීලඟ ලියන පොස්ට් එක හා සම්බන්ධයි
   

Thursday, March 17, 2011

කාලෙකට පස්සේ............


ඔන්න ඉතින් කලෙකට පස්සෙ ආයෙත්  මගේ බ්ලොග් එකට මොකක් හරි අලුත් දෙයක් එකතු කරන්න කියල මට හිතුනා.Exam එකත් ඉවර නිසා(ඉවරයි කිව්වට ඉවරම නෑ)

Exam එකත් කරයි කියමුකො ඒත් කරන්න වැඩක් නෑ, බැලුව හැමතැනම ම්ම්.....
Flim එකක් බලනවද?
Facebook යනවද? අම්මො ඒ දෙකම මහ කම්මලි වැඩ දෙකක්.....
ඔහොම ඉන්නකොට නිකම්ම වගේ මම Internet Search කර කර හිටියා.එහෙම ඉන්නකොට මට මෙන්න මේ දේවල් තමයි හමු උනේ................

1.රට දැය බේරගන්න උර දුන්නු මොනාත් අ‍යියා ගැන  රමේෂ් අයියා ලියපු ලිපිය.

2.කොහොමද Google Chorme එකේ සිංහලෙන් ටයිප් කරන හැටි.

3.මිහිඳුවන්ට  Google Chrome Theme එකක්


වැඩිපුර දෙයක් නම් ලියන්න හමු උනේ නෑ ටිකක් තවම හමු උන දේවල් ගැන අධ්‍යයනය කරගෙන යනවා.........



Monday, February 14, 2011

මටත් හිතුන Blog එකක් හදන්න





Blog එකක් කියන්නෙ හරි වටින දෙයක් කියලා මට තේරුනෙ හුගක් බ්ලොග් කියවද්දි, තමන්ගෙ හිතට ගැලපෙන විදියට බ්ලොග් එකේ මාතෘකාව දාල ඒක පටන්ගන්න පුළුවන්නෙ
ඉතින් මගෙ හිතටත් පුoචි අදහසක් අවා Blog එකක් කරන්න.
අද තමයි මම මගේම කියල Blog එකකට මුල් ගල තිබ්බෙ,
පුදුම සතුටක් දැනෙනවා හිතට
මේක පටන්ගත්තට මොකො ,මට මේකෙ ගුණ දොස් කියන්න හැමෝම එකතු වෙන්න කියල ආරාධනා කරනවා. එහෙම කියලා මං අද දවසෙ වැඩ ටික  මෙතනින් හමාර කරනවා.
බුදු සරණයි!
My Facebook Login Page
make-money-468x60-2